2026-06-22 15:30 Hours

මහජන බැංකුවට එරෙහිව දයාගේ පෙත්සම විසිවෙයි


...

මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපල වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීන්දුවට අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන පුද්ගලික සමාගම ගොනු කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බැංකුවට නිත්‍යානුකූල අයිතියක් ඇතැයි තීන්දු කළ අධිකරණය රුපියල් මිලියනක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කාර සමගාම්වලට මෙහිදී නියෝග කර ඇති බව සඳහන්.

එම සමාගම් විසින් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

අභියාචනාධිකරණය විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙත්සම්කාර සමාගම් විසින් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.42කට වඩා වැඩි හිඟ ණය පහසුකම් අයකර ගැනීම සඳහා උකස් කරන ලද දේපළ මහජන වෙන්දේසියේ දී විකුණා මුදල් අයකර ගැනීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk