2026-06-15 22:16 Hours
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (15) පැවති තුන්කොන් එක්දින තරගාවලියේ තීරණාත්මක තරගෙය්දී ශ්‍රී ලංකා A කණ්ඩායම සුපරි ඕවරයේ දී ජය හිමිකර ගනිමින් ඉන්දීය A කණ්ඩායම පරාජයට පත් කළා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමටත් පෙරම ශ්‍රී ලංකාවට ලකුණු 10 ක් ලැබී තිබීම සුවිශේෂී සිදුවීමක් විය.
එහිදී සිදුවූයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම අතරතුරදී ඉන්දීය පිතිකරු Vipraj Nigam අවස්ථා දෙකකදී ලකුණු කරා දිව යාමේදී තණතීරුව මැදින් දිව ගොස් තිබුණා.
එම වරද නිසා දඩුවම් ලකුණු 5 බැගින් ලකුණු 10 ක් පැනවීමට විනිසුරුවන් තීරණය කල අතර ඒ නිසා තරගය ආරම්භයට පෙරම ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 10 ක් ලැබී තිබුණා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම ලකුණු 265ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම ද ලකුණු 265ක් රැස් කරමින් තරගය සම තත්ත්වයට පත් කළා.
ඒ අනුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපර් ඕවරයක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා A කණ්ඩායම දක්ෂ දස්කම් දක්වමින් තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත් තරගය අවසන් වීමෙන් අනතුරුව ඉන්දීය A කණ්ඩායමේ යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිගේ හැසිරීම ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
සුපර් ඕවරයේ පරාජයෙන් පසු සූර්යවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වනු දක්නට ලැබුණා.
තරගයේ තීරණාත්මක අවස්ථාවන් කිහිපයකදී ක්‍රීඩකයින් අතර උණුසුම් සංවාද ඇති වූ අතර, සුපර් ඕවරයේ පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩකයන්ගේ එම ආතතිය තවත් ඉහළ ගොස් තිබුණා.
විශේෂයෙන්ම ජයග්‍රහණය සමරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත සූර්යවංශි ප්‍රතිචාර දැක්වූ ආකාරය සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස්වලට ලක්ව ඇති අතර, ඇතැම් ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ තරුණ ක්‍රීඩකයෙකු ලෙස ඔහු තම හැඟීම් පාලනය කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා A කණ්ඩායමේ විශිෂ්ට සටන්කාමීත්වය සහ පීඩනය යටතේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම ජයග්‍රහණය තරගාවලියේ වටිනාම ජයග්‍රහණවලින් එකක් ලෙස සැලකිය හැකියි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk