2026-06-26 10:55 Hours

මාතර දී පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි - 40ක් රෝහලේ


...

මාතර තලල්ල මාර්ගයේ වජිර වංශ මාවත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටී අනතුරක් අද (26) උදෑසන සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk