2026-06-26 08:37:00 Hours
අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට පැවසෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් 'මාටියා' නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මැලේසියාවේ දී රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ බව සඳහන්.
2022 වසරේ ජූලි 22 වැනිදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී 'පස්පොඩ්ඩා' නමැති සංවිධානාත්මක අපරාධකරුවා සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk