2026-06-23 14:12 Hours
ඉරානයේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ගන්නා සියලු උත්සාහයන්ට චීනයේ පූර්ණ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී (Wang Yi) මහතා ප්‍රකාශ කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු ද වන වෑන්ග් යී මහතා, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ගාදීර් නෙසාමිපූර් (Ghadir Nezamipour) මහතා හමුවූයේ ඊයේ (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.
පාකිස්ථානයේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව දෙරට අතර සංවාද යළි ආරම්භ වීම සහ ඉදිරි සාකච්ඡා ක්‍රමවේද සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම චීනය සාදරයෙන් පිළිගන්නා බව එහිදී වෑන්ග් යී මහතා සඳහන් කළා.
ඉරානයේ උපායමාර්ගික හවුල්කාර රටක් ලෙස චීනය, එරටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීමට අඛණ්ඩව සහාය දෙන බවත්, අවශ්‍ය සහයෝගය තම ක්‍රමවේදයන්ට අනුව ඉදිරියටත් ලබාදීමට සූදානම් බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර, මැදපෙරදිග කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා චීනය ගෙන යන කාර්යභාරය වෙනුවෙන් ඉරාන නියෝජිතයා සිය කෘතඥතාව පළ කළ බව සඳහන්.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ කරුණු හතරකින් සමන්විත සාම යෝජනාව ද ඉහළින් අගය කළ නෙසාමිපූර් මහතා, ඉරානය සහ අමෙරිකාව අතර අවබෝධතා ගිවිසුමේ පළමු අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළා.
එමෙන්ම, “එකම චීනය” යන මූලධර්මය පිළිබඳ ඉරානයේ ස්ථාවරය යළිත් තහවුරු කරමින්, එම ප්‍රතිපත්තියට තම රට දැඩිව කැපවී සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk