2026-06-21 07:11 Hours
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග, 2026 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
එම අවසන් තරගය සැප්තැම්බර් මස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
23 හැවිරිදි රුමේෂ් මේ වසරේ ඩයමන්ඩ් ලීග් පිටියේ විශිෂ්ට දස්කම් රැසක් දැක්වූ අතර, රෝමයේ පැවති තරගයේදී මීටර් 92.62ක දැවැන්ත විසිකිරීමක් වාර්තා කරමින් ජයග්‍රහණය කළා.
එය ඔහුගේ පෞද්ගලික හොඳම දස්කම මෙන්ම ලෝක වාර්ෂික ප්‍රමුඛතම දුරක් ලෙසද සටහන් වුණා.
තවද දෝහා ඩයමන්ඩ් ලීග් තරගයේදීද මීටර් 88.68ක දුරක් වාර්තා කරමින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අභිබවා ශූරතාව දිනා ගැනීමට රුමේෂ් සමත් වුණා.
මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තරග දෙකක ජයග්‍රහණ හිමිකරගත් රුමේෂ්, ලෝක හෙල්ල විසිකිරීමේ ක්ෂේත්‍රයේ ඉහළම ක්‍රීඩකයින් අතර තම ස්ථානය මේ වන විට තහවුරු කරගෙන ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk