2026-07-15 12:42:00 Hours
මුදල් වංචාවක් පිළිබඳව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27500000ක මුදලක් වංචා කිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කාර්යාංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
මේ අනුව අදාළ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේ ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු වයස අවුරුදු 58ක් වන ඔහු අද (15) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk