2026-07-15 09:16:00 Hours

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි?


...

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මෙතෙක් ලැබී නැහැ.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිඳු සඳහනක් කර නොමැති බව සඳහන්.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති ලෙස මහාචාර්ය සරත් අබේකෝන් මහතා කලක් සේවය නිරත වුණා.

මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතිනවා.

ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්‍රාම යාම හේතුවෙනි.

අදාළ තනතුරේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk