2026-06-12 17:20:00 Hours

10 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය කුන්මිං නගරයේදී ඇරඹෙයි


...

10 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (11) නිරිතදිග චීනයේ Yunnan පළාතේ Kunming නගරයේදී ආරම්භ වී තිබෙනවා.

රටවල්, ප්‍රදේශ සහ ජාත්‍යන්තර සංවිධාන 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන පරිමාණය සහ ජාත්‍යන්තර දායකත්වය මෙවර ඓතිහාසික නව වාර්තාවක් පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

සියලුම දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ව්‍යවසායන් 560ක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, තවත් දෙස් විදෙස් ප්‍රමුඛ කර්මාන්ත ව්‍යවසායන් 100ක් සහ ගැනුම්කරුවන් 1,500කට අධික පිරිසක් ද ඊට සහභාගී වී සිටිනවා.

“සමගිය, සහයෝගිතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16කින් සමන්විත වන අතර, කෘත්‍රිම බුද්ධිය, හරිත බලශක්තිය සහ නවීන නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසක් එහිදී ප්‍රදර්ශනය කෙරෙනවා.

එමගින් චීනය, දකුණු ආසියානු සහ Association of Southeast Asian Nations රටවල් අතර විවෘත සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව සඳහන්.

මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වයක් ලෙස ප්‍රථම වරට සේවා වෙළඳ ප්‍රදර්ශන ශාලාවක් ද ස්ථාපිත කර ඇති අතර, සේවා වෙළඳ කර්මාන්තයේ නවෝත්පාදන සහ ජයග්‍රහණ එහිදී ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වසරේ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත රට ලෙස Bangladesh නම් කර ඇති අතර, වර්ග මීටර් 360ක ජාතික මණ්ඩපයක් සහ සම්මත කුටි 84ක් එරට වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

බංග්ලාදේශයේ ප්‍රධාන කර්මාන්ත හතක් නියෝජනය කරමින් ව්‍යවසායන් 100කට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටීම ද කැපී පෙනෙන කරුණක් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk