2026-05-21 19:40:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ 2026 මැයි 20 වනදා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නව කමිටුව පත් කර ඇති බව සඳහන්.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධූරය කපිල විජේගුණවර්ධන මහතාට හිමිව තිබෙනවා.
එහි සෙසු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.
ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නව පත්වීම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තේරීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව සිදුවනු ඇති කරන බවයි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk