2026-06-11 09:31:00 Hours

ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉහළට


...

පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව උපරිම සිල්ලර මිල සීමා ඉහළට දමා තිබෙනවා.

මේ අනුව මිලි ලීටර් 500ත් මිලි ලීටර් 999ත් අතර වතුර බෝතලයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇත.

ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක රුපියල් 20කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

තවද ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ඇති බව සඳහන්.

ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 5ත් ලීටර් 6.999 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk