2026-06-08 17:14 Hours

කෝටි 21ක වටිනා ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් දැලේ


...

විදෙස් රටකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු මිටි 60ක් සමඟ ලාංකික කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (08) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 53ක් වන සැකකාරියගේ නිවසේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ මුදල් තොගයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 21කි.

මෙම මුදල් නෝට්ටු පිටරටකදී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය සැකපළ කරනවා.

පොලීසිය සඳහන් කරන්නේ මෙම ජාවාරමට පාකිස්ථාන ජාතිකයෙකු ද සම්බන්ධ වන බවයි.

අදාළ ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට හුවමාරු කිරීමට සුදානම්ව සිටි බව සඳහන්.

තවද මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කිරීමට සුදානම්ව සිට ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කර ඇති බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (09) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk