2026-01-05 10:30 Hours

අතීතයේ සිට වර්ථමානයට ගී ලියූ චන්ද්‍රසේන තලංගමයන් දිවි සැරිය නිම කරයි


...

ප්‍රවීණ ගේය පද රචක පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 71කි.

වෘත්තීයෙන් පුවත්පත් කලාවේදියෙකු වූ ඒ මහතා ජීවිතේ සැදෑ වියේ දී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට සමත් වුණා.

1944 වසරේ තලංගම ප්‍රදේශයේ දී උපන් ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේ දී ආරම්භ කළා.

එහිදී තලංගම චන්ද්‍රසේන නමින් ලිපි ලියු ඒ මහතා පසුව චන්ද්‍රසේන තලංගම ලෙස කලා ලෝකය තුළ මහත් ජනාදරයට පත් වුණා.

සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් ගී පද ගෙත්තම් කළ ඔහු ලිපි ලේඛන අතරම සැඟව සිටියා.

නමුත් නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා ගීත බවට පත් කිරීමට මුලික වනවා.

ඒ ඔහුගේ ජීවිතයට නැවත වසන්තය රැගෙන එමිනි.

2017 වසරේ දී ජනගත කෙරුණු සංසාරයේ මා නැමැති ගීතය තලංගමයන්ගේ පළමු ගීතය වනවා.

එතැන් පටන් ඔහුගේ අතින් ලියැවුණු අර්ථයෙන් පෝෂිත වාග් මාලා මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණා.

තලංගමයන්ගේ ගීත රචනා විටෙක ප්‍රේමය ද, විටෙක ඉතිහාසය ද, තවත් විටෙක නූතන සමාජ ප්‍රවණතා ද වස්තු විෂයන් කරගනිමින් නිර්මාණය වුණා.

යොවුන් වියේ දී සැබෑ කරගත නොහැකි සිහිනයක්, සැඳෑ වියේ දී සැබෑ කර ගනිමින් නූතන ගීතය තුළ ඔහු සටහන් කළ සලකුණ ලාංකීය ජන හදවත්වලින් කිසිඳා මැකී නොයනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk