2026-06-11 10:27:00 Hours

අමෙරිකානු ප්‍රහාරවලට පසු හෝමුස් සමුද්‍ර සන්ධිය වසන බව ඉරානය කියයි


...

ඉරානයට ඉතාම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීමෙන් පසුව එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව සඳහන් කරන්නේ උපාය මාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සන්නද්ධ යාත්‍රා තෙල් නැව් ඇතුළු සියලුම වාණිජ නෞකා සඳහා සම්පුර්ණයෙන්ම වසා දමන බවයි.

මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉරාන හමුදා මූලස්ථානය නිවේදනය කරන්නේ කලාපීය අනාරක්ෂිතභාවය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඕනෑම නෞකාවක් තම ඉලක්ක බවට පත්වන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk