2026-06-02 17:59:00 Hours
විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දැඩි කතාබහකට ලක්ව ඇති නවතම නීතියක්ව ඇති Impact Player නීතිය 2026 තරඟ සමයේ සිට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නීතිය මඟින් තරඟයක් අතරතුර ඕනෑම අවස්ථාවකදී ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව ලැබෙනු ඇති.
ඉන් තරඟයේ තත්ත්වයට අනුව උපක්‍රමශීලීව වෙනස්කම් සිදු කිරීමට නායකයන්ට සහ පුහුණුකරුවන්ට වැඩි නිදහසක් හිමි වනු ඇති.
කෙසේ වෙතත් මෙම නීතිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් කරන ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා පසුගියදා ඉල්ලා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම නීතිය හේතුවෙන් පිතිකරුවන්ට අමතර වාසියක් ලැබෙන බවත් ඉන් ක්‍රීඩාවේ සමතුලිතතාවයට හානි සිදුවන බවත්ය.
තවද මෙම නීතිය හේතුවෙන් තරඟවල ලකුණු සංඛ්‍යාවන් අධික ලෙස ඉහළ යන නමුත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ භූමිකාව හෑල්ලුවට ලක්වන බවද සචින් සඳහන් කරනවා.
කෙසේ වෙතත් එම නීතිය උපක්‍රමශීලී ආදේශ කිරීම් අනුමත කරන ලද සෙසු විස්සයි විස්ස ලීග් තරඟාවලි මෙන්ම ඉදිරි තරඟ සමයේ සිට මෙය ක්‍රියාවට නැංවීමට LPL සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk