2026-06-07 08:53:00 Hours

සඳුදා රැස්වීම්වලින් ප්‍රාදේශීය ලේකම්වරු ඉවතට


...

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සඳුදා දිනයේ පැවැත්වෙන කිසිඳු රැස්වීමකට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවන් සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන ඇති බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටළු විසඳීමට කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර තිබෙනවා.

ඊට අමතරව කිසිඳු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවටද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ අදාළ සියලු කරුණු සැලකිල්ලට ගෙන හෙට (08) දිනයේ සිට මෙම තීරණය ගත් බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk