2026-06-11 13:49:00 Hours
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැවසුවේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුව ස්ථිර කරන බවයි.
එම චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට 2022 වසරේ වසරේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk