2026-06-11 23:06:00 Hours
ඉරානයට එරෙහිව අද (11) රාත්‍රියේ දැඩි ප්‍රහාර එල්ල කරන බව ප්‍රකාශ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Truth Social ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් මේ බව සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඉරානයේ නාවික ගුවන් සහ ගුවන් ආරක්ෂක හැකියාවන් සහ බොහෝ ප්‍රහාරක ශක්තීන් ද මේ වන විට විනාශ වී ඇති බවයි.
තවද ඉදිරි කාලයේ දී ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත ඇතුළු තෙල් හා ගෑස් යටිතල පහසුකම් පිළිබඳව ස්ථානවල පාලනය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ට්‍රම්ප් පවසා ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk