2026-06-12 08:56 Hours

මෙල්බන් ගිය SRILANKAN ගුවන්යානයට අකුණක් වදියි - ආපසු ගෙන්වා වෙනත් ගුවන්යානයක් යවයි


...

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (11) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ අද (12) අලුයම 12.30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයට මෙම අනතුර සිදුව ඇති බවයි.

UL 606 දරන ගුවන් යානයේ එක් එන්ජිමකට මෙම අකුණු සැර වැදීම සිදුව ඇති අතර ආරක්‍ෂිත පියවරක් ලෙස ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගුවන් මඟින් 206 දෙනෙක් යානය තුළ සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පැය 5ක ගුවන් ප්‍රමාදයකින් අනතුරුව අදාළ මඟීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත් කර යවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ සිද්ධියෙන් කිසිඳු මඟියෙකුට ගෝ ගුවන් යානයකට හානියක් සිදුව නොමැති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk