2026-06-13 13:15 Hours
බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධව චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට ලබන ජුනි මස 16 වනදා DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදෙන ලෙස අධිකරණය ඊයේ (12) නියෝග කළා.
තවද අදාළ DNA පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග නිකුත් කරනු ලැබුවා.
අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කරුණු දැක්වූ නිට්ටඹුව පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේ මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව 2026 මැයි මස 4 වනදා විශේෂ විමර්ශනයක් සිදුකළ බවයි.
මෙහිදී අදාළ දැරිය විසින් පොළවේ වළදමා සඟවා තිබියදී සොයාගත් රුධිරය තැවුරුණු බවට සැක කෙරෙන ඇඳුම් කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවද පොලීසිය සඳහන් කළා.
එම ඇඳුම් කොටස් පරික්ෂා කිරීමේදී දැරියගේ ඇඳුම්වල තිබී DNA ඇලීල අන්තර්ගත ඇති බව දැනට තහවුරු වී ඇති බව පොලීසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
මේ අනුව ඇඳුම්වලින් හමුවූ DNA ඇලීල සැකකාර හිමිනමගේ DNA සමඟ සැසඳීම අත්‍යාවශ්‍ය බැවින් ඒ සඳහා හේමරතන හිමියන්ගේ රුධිර සාම්පල ලබාගැනීමට අධිකරණය මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk