2026-06-01 09:45 Hours

බැංගලෝර් පිල දෙවන වරටත් IPL කිරුළ දිනා ගනී


...

ක්‍රිකට් ලොව වැඩිම තරඟකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරඟ මාලාව ලෙස සැලකෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2026 තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඊයේ (31) සමත් වුණා.

අහමාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුණා.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 50ක් ලබාගත්තද අනෙක් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට බැංගලෝර් පන්දු යවයන්නන් ඉඩකඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී බැංගලෝර් Rasikh Salam කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු 5ක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කර ගනු ලැබුවා.

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය විරාට් කෝලී ලකුණු 75ක් ලබාගත් අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

Venkatesh Iyer පන්දු 16කදී ලකුණු 32ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී Rashid Khan කඩුලු 2ක් දවා ගනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk