2026-05-18 17:01:00 Hours

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර ටෙස්ට් තරඟාවලියක්?


...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් ලබන අගෝස්තුවක් මසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Cricbuzz වෙබ් අඩවිය දෙරටේ ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අගෝස්තු මස 15 වනදා සිට අගෝස්තු 27 දක්වා මෙම තරඟය පැවැත්වෙනු ඇති බවයි.

කෙසේ වෙතත් තරඟ පැවැත්වෙන දින සම්බන්ධව මේ වන තෙක් තීරණය කර නැහැ.

මෙම තරඟාවලිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතයි.

මීට පෙර ද දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟ සම්බන්ධව තොරතුරු වාර්තා වුණද මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk