2026-06-12 14:17:00 Hours

එල් නිනෝවෙන් ලංකාවේ කාලගුණයට වෙන දේ ගැන පැහැදිළි කිරීමක්


...

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන එල් නිනෝ තත්ත්වය වර්ධනය මේ වන විට ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ නිරතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩු වීමට ද මෙම එල් නිනෝ තත්ත්වය බලපා ඇති බවයි.

තවද පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන ජුලි මස සිට යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එල් නිනෝ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

ඊට අමතරව මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

"ශ්‍රී ලංකාවේ කාලගුණයට කරන බලපෑම ගත්තොත් නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩුවීම එල් - නිනෝ තත්ත්වය බලපානවා. කෙසේ නමුත් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපි බලාපොරාත්තු වෙනවා මේ එල් - නිනෝ තත්ත්වය එක්ක. මොකද මේ වෙනකොට එල් - නිනෝ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. පවතින ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි මොකද ඉදිරි කාලගුණික තත්ත්වය හමුවේ වර්ෂාපතනය අඩුවීමත් එක්ක උණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා"



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk