2026-05-29 01:44:00 Hours

මධ්‍යම අධිවේගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ ඉදිකිරීම් අද ඇරඹේ


...

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බවයි.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

එම කටයුතු ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැයවන අතර දෙවන අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම අරමුදල් දේශීය අරමුදල් මඟින් සපයා ඇති අතර ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk