2026-05-28 16:43 Hours

ශ්‍රී ලංකාවේ පළමු Carbon Neutral පාසල බවට කොළඹ නාලන්දය පත්වෙයි


...

ශ්‍රී ලංකාවේ පළමු “Carbon Neutral School” බවට පත්වෙමින් නාලන්ද විද්‍යාලය නව ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (Sri Lanka Climate Fund) විසින් නිකුත් කළ සහතිකයට අනුව, 2025 වර්ෂයට අදාළව නාලන්ද විද්‍යාලයේ හරිතාගාර වායු (GHG) විමෝචන 94 tCO2e ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සමානය කරමින් මෙම පිළිගැනීම හිමිව තිබෙන බවයි සඳහන් වන්නේ.

ISO 14064-1:2018 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ ඇගයීම් හා සත්‍යාපනයන් මත මෙම සහතිකය ප්‍රදානය කර තිබෙනවා.

පරිසර හිතකාමී පාසල් පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් නාලන්ද විද්‍යාලය විසින් බලශක්ති ඉතිරිකිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, ගස් රෝපණ වැඩසටහන් සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයට නව මාර්ගෝපදේශයක් සපයන අවස්ථාවක් ලෙසද සැලකෙනවා.

...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk