2026-05-24 10:34:00 Hours
අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදුකළ සැකකරුවෙකුට එරට ආරක්ෂක විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ඊයේ (23) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව සඳහන්.
ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ රහස් ඔතුතු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය වටලා තිබෙනවා.
සිද්ධිය සමඟ ධවල මන්දිරය අවට මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුනා.
ඉන්පසුව පරිශ්‍රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
මෙම වෙඩි හුවමාරුවේ දී අසල සිටි තවත් සිවිල් වැසියෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බවද තොරතුරු වාර්තා වුණා.
ආරක්ෂක අංශවල කිසිඳු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැත.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk