2026-05-02 09:34 Hours

මින් පස්සේ වෙන ආණ්ඩු නෑ - දිගටම මාලිමා ආණ්ඩු විතරයි


...

මින් පසු ශ්‍රී ලංකාවේ වෙනත් ආණ්ඩු බිහි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) කලුතරදී පැවති ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.

ඉදිරියට දිගටම පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවද ඔහු මෙහිදී කියා සිටියා.

“විපක්ෂයේ අනාථ වෙච්ච සුන්බුන් අතරේ ඉන්න කීපදෙනෙක් එකතුවෙලා දහයක් පහළවක් හන්දියකට ඇවිල්ලා කෑගහනවා, ගෙයක් ගාවට ඇවිල්ලා කෑගහනවා, ආණ්ඩුව පෙරළන්න කතා කරනවා. අරගලයට කතා කරනවා. අපි ඒගොල්ලන්ට කියනවා අරගල ඉගෙනගන්න ඕනෙ නම් ඉගෙන ගන්න පුළුවන් අපෙන් තමයි. අපි තමයි අරගල කරන්න ඉගැන්නුවේ මේ රටට. ඒ නිසා ඔය දහයක් පහළවක් ඇවිල්ලා ආණ්ඩුව පෙරළන්න හදන ඒ මන්ද මානසිකයින්ට, ලෙඩ්ඩුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරළන්න බෑ. මේකට අත තියන්න බෑ. මේක රකින්න ඉන්න ජන පවුර තමයි මේ කළුතරටත් රට පුරාම දිස්ත්‍රික්ක 21කත් ඇවිල්ලා ඉන්නෙ. අනාගතය පුරාම මේ රට හදනකල් මේක හදන්න ඉන්නෙ මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. වෙන ආණ්ඩු මීට පස්සෙ නෑ කියන එක අපි ඒගොල්ලන්ට කියන්න ඕනෙකම තියෙනවා”.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk