2026-04-29 18:09:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කර තිබෙනවා.
ඒ අනුව එම කමිටුවේ නව සභාපති ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව සඳහන්.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් යන මහත්වරු පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් අද (29) ඉල්ලා අස්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සිදුවනු ඇති.
නව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත් කරන තෙක් ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් පසු ඉරාන් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk