2026-04-29 17:10:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කරන සුවිශේෂී පුවතක් ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.
ඒ, ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කණ්ඩායම් හිමිකරුවන් ශ්‍රී ලංකාවේ 'ලංකා ප්‍රිමියර් ලීග්' (LPL) තරගාවලිය සඳහා සෘජුවම ආයෝජනය කිරීමට සූදානම් වන බවටයි.
පැතිර යන වාර්තාවලට අනුව 2027 වසරේ සිට LPL තරගාවලියට එක්වන සියලුම කණ්ඩායම්වල හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ප්‍රබල IPL කණ්ඩායම් හිමිකරුවන් උනන්දුවක් දක්වා තිබෙනවා.
කණ්ඩායම් 08 ක්? IPL ආකෘතිය ලංකාවට?
දැනට කණ්ඩායම් 05ක් යටතේ පැවැත්වෙන LPL තරගාවලිය 2027 වසර වන විට කණ්ඩායම් 08ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, එම සියලුම කණ්ඩායම් මුම්බායි ඉන්දියන්ස් (MI), දිල්ලි කැපිටල්ස් (DC) සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) වැනි ප්‍රබල ව්‍යාපාරික කණ්ඩායම් විසින් මිලදී ගැනීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
දකුණු අප්‍රිකානු T20 ලීගය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ILT20 තරගාවලිය මේ වන විටත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන්නේ මෙම හිමිකරුවන් විසිනි.
කෙසේ වෙතත්, මෙම තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk