2026-05-23 10:20:00 Hours
අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලා අස්වීම යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
"ඒබ්‍රහම් වසර එකොළහක මගේ විවාහ ජීවිතයේ ශෛලමය ශක්තිය බවට පත්වුණා. මාගේ රැකියාවටත් වත්මන් තනතුරේ වගකීම් සඳහාත් ඔහු ලබාදුන් සහය අපමණයි.
දුර්ලභ ගණයේ පිලිකාවකින් පෙළෙන බව හැදුනාගැනීමෙන් පසු ඒබ්‍රහම් සමග මේ අභියෝගාත්මක අවස්ථාවේ මා සිටිය යුතු බැවින් ජූනි 30 සිට මගේ ඉල්ලා අස්වීම පිළිගන්න".
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk