2026-05-29 15:16:00 Hours
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේ දී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේ දී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට වඩා වැඩි මිලකට තවදුරටත් පවතින බවයි.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොලේ අද (29) දවසේ ඉන්ධන මිල අද පස්වරුව වන විට තීරණය වනු ඇති බවත් එම තත්ත්වයන් සලකා බැලීමකින් පසුව මෙරට ඉන්ධන මිල සම්බන්ධව තීරණය කරනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
"4 වැනි මාසය සහ 3 වැනි මාසය වෙද්දි ලෝක වෙළෙඳපොළේ තිබුණා ඉතාම ඉහළ මිලක්. නමුත් මේ මිල මේ වෙනකොට පහළ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් අපි ගත්තොත් යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළෙඳපොළේ මිල තියෙන්නේ.
ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නම් නෑ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසයේ... බොහෝ දුරට සැප්තැම්බර් වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ.
නමුත් වැඩි වීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ. අපි ඒක මේ වෙනකොටත් අධ්‍යනය කරමින් ඉන්නේ. අද හවස් වෙද්දි තමයි ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත් කරන්නේ.
ඒ මිලත් බලලා සාමාන්‍යයෙන් අපි 31 වැනිදා තමයි මිල ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මෙවර 31 ඉරිදා දිනයක් නිසා. අද හවස වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොහොමද කියලා ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා. නමුත් ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරලා නෑ.
සාකච්ඡා වාර කිහිපයක් යන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ අපිට කියන්න බෑ. නමුත් පැහැදිලිවම අඩුවීමක් වෙන්නේ නම් නෑ සමහරවිට මේ ගානටම තියෙනවාද, සුළු වැඩිවීමක් තියෙනවාද කියලා අධ්‍යනය කරන්න ඕනේ. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් වෙන්නේ නැහැ. මොකද මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕනේ නෑ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk