2026-05-13 13:27 Hours

ට්‍රම්ප් අද චීනයේ නිල සංචාරයක


...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය මෙය වන බවයි.

දෙරටේ නායකයන්ගේ මෙම හමුවීම ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාව තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති.

2025 ඔක්තෝම්බර් මසදී දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් හමුවීමෙන් පසුව එම දෙපළ මුහුණට මුහුණ හමුවන පළමු සංචාරය මෙය වනවා.

මෙහිදී දෙරටේ නායකයන් ඉරානයට එරෙහි අමෙරිකානු - ඊශ්‍රායල් යුද්ධය. ගෝලීය තෙල් වෙළෙඳපොල ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk