2025-10-27 18:27 Hours

LBW කැපිල්ල ගැන ITN උත්තර දෙයි


...

සති අන්ත ටෙලි තිරය සරසමින් දැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනා ගෙන ඇති LBW මේ දිනවල විකාශය වනවා.

ලංකාවේ අපිට ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තේමාව කරගත් නිසා මෙරට ප්‍රේක්ෂක ජනාදරය LBW වෙත ලැබෙමින් පවතිනවා.

මේ අතර පසුගිය 25 වනදා ටෙලි නාට්‍ය විකාශය වූ කොටසේ යම් කොටසක් රුපවාහිනී ප්‍රේක්ෂකයින්ට නැරඹීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

එම සටහනෙන් ඔහු පෙන්වා දී තිබුණේ, "LBW ටෙලිනාට්‍යයේ උමාලි සහ රන්දික, රංග කාර්යයේ නියැලෙන පෞද්ගලිකව මම කැමතිම දර්ශනයක් තමයි මේක.

ITN එකේ පාලන අධිකාරියට මෙම දර්ශනය ශුංගාරාත්මක දර්ශනයක් සේ දැනුන නිසා විනාඩි 3.30 දිග දර්ශනය විනාඩියකට ට්‍රිම් කරලා තමයි ඊයේ ටෙලිකාස්ට් කරේ.

මෙහෙම ට්‍රිම් කරාම නිර්මාණයට හානියක් වෙනවා...itn එක කියනවා ටෙලිකාස්ට් කරානම් නාලිකාවට හානියක් වෙනවා කියලා..

Itn එකේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන්) කියන විදියට හියුමන් එරස්,බැක් සයිඩ්, වීදුරු තිර වගේ ටෙලි නාට්‍ය විකාශනය වීමෙන් එයාලට විශාල වශයෙන් සමාජ ප්‍රතිවිරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වුණාලු.

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සංස්කෘතියට නොගැලපෙන ශුංගාරාත්මක දර්ශන විශේෂයෙන්ම ජනතාවට වග කියන නාලිකාවක් විදියට ප්‍රදර්ශනය කිරීම සිදුකළ නොහැකිලු..

අධ්‍යක්ෂකවරයා විදියට මට මෙම දර්ශනය තුළ එවනි අවුලක් පේන්නේ නෑ.

ටෙලි නාට්‍ය රසිකයෙක් විදිහට පෞද්ගලිකව මට මෙම දර්ශනය නැරඹීමෙන් එහෙම හැඟීම් මෝදු වෙන්නෙත් නෑ.

මට මේ දර්ශනය ගැන තියෙන අදහස නම් අතිශය ප්‍රේමාන්විත සුන්දර මොහොතක් කියන එක විතරයි.

රන්දික ගුණතිලක උමාලි තිලකරත්න දෙන්නා ඒ දර්ශනය ඉල්ලන මූඩ් එක,ඒ දර්ශනය තුළ තියෙන ටයිම් ඇන්ඩ් ස්පේස් එක හරි ලස්සනට නිර්මාණය කරා.

මෙහෙම කපන කොට ඒ රංගන ශිල්පීන්ටත් අසාධාරණයක් වෙනවා.

ඉතින්,, LBW බලන ආදරණීය ප්‍රේක්ෂකයන්ටත්,අදාල රංගන ශිල්පීන් ඇතුළු නිර්මාණ කණ්ඩයමේ සියලු දෙනාටත් ගෞරවයක් විදියට ඒ කොටස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනවා.

ඊයේ කොටසේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ තියනවා වෙලා තියන දේ සියැසින් බලාගන්න."

මේ අතර LBW ටෙලිනාට්‍යයේ කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ITN නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සරත් කුමාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,

"ලංකාවේ බිහි වේච්ච හොදම ටෙලි නාට්‍ය, පවුලෙ හැමෝටම බලන්න පුලුවන් විදියට රටට පෙන්නනුවෙත් රටම බැලුවෙත්, ඉදිරියට පෙන්වන්නෙත් ITN එකෙන්..

ජාතික වගවීම හා වගකීම එක්ක බැදුනු රසවින්දනයට ඉඩ දුන්නෙත් කලාකරුවන්ගෙ සිමාව රැක දුන්නෙත් ITN එක, කලාකරුවන්ගෙ සුභාවිත ටෙලිවලට ඉඩ දුන්නෙත් දෙන්නෙත් ITN එක.

හැබැයි කාමරයක සිද්ධවෙන ඔක්කොම කලාවේ නාමයෙන් වුනත් මැද සාලයට ගෙනත් හලන්න ITN එකේ ඉඩ නෑ.

ITN එක දන්නවා පෙන්වන්න ඕනා දේ පෙන්වන්න ඕනා ප්‍රමානය, නිර්මානයටත් ආයතනයේ ගෞරවයටත් පොදු වගවීමටත් හානි නොවන ලෙස, ලංකාවේ කලාකරුවන්ට තමන්ගෙ නිර්මාන හොදම විදියට, නිර්මානාත්මක ගුනයට හානි නොවන පරිදි ජනතාවට පෙන්වන්න ඉඩ දෙන්න අවශ්‍ය විදිය ITN දන්නවා.

ඒක එහෙම උනේ නැතිනං හුගක් අයගෙ නිර්මාණ තාම තියෙන්නෙ ඔවුන්ගෙ ගෙවල් වල නැතිනං හිත්වල..

බය නැතිව කව්රුත් කතා නොකරන මාතෘකා එක්ක ටෙලි වලට ඉඩ දුන්නෙත් දෙන්නෙත් ITN එක.

ITN එක දන්නවා ජාතික නාලිකාවකින් පෙන්විය හැකි සෟංගාරයේ සලුපිලි ගැලවෙන සීමාව. පොදුවේ මැද සාලයේ තියෙන tv එකෙන් ජනතාවට පෙන්විය හැකි සීමාව මෙන්ම නිර්මාණයකට හා නිර්මාණකරුවාට හානියක් නොවන සීමාව...මොකක් ද කියලත් ITN එක දන්නවා.

ඒ නිසා චිත්‍රපටයක සීමාවන් හා සමාජමාධ්‍ය සීමාවන් මෙන්ම පොදුවේ පවුලෙ හැමෝම බලන මැද සාලයේ තියෙන TV එකේ සීමාව දැනගෙන එයට ගැලපෙන විදියට නිර්මාන කිරීම නිර්මානකරුවන්ගෙත් වගකීම.

පේනවිය නොහැකි දේ නිර්මානාත්මකව පෙන්වන්න පුලුවන් කෙනා තමයි නිර්මානකරුවා වෙන්නෙ..ඒක අමුවෙන් ඇදට දාලා ඒක ITN එක හරහා මැද සාලයට හැලීමට යම් පමනකට සීමාවන් නිර්නය කිරීම, නිර්මානය කපනවා පාලනය කරනවා කියලා හිතනවා නම් එය පුද්ගලික දෙයක්. ජාතික මාධ්‍ය ආයතනයක්ට පුද්ගලබද්ධ අරමුනු නෑ. තියෙන්නෙ ජාතික වගවීමක් සහිත වගකීමක්.

ඒ නිසා කලාකරුවාගේ නිර්මාන වලට හානි නොවී, එය අපේ ප්‍රේක්ෂකාගාරයට ගැලපෙන ලෙස ගලපාගෙන පෙන්වීමට වගකීමක් ජාතික මාධ්‍ය පාලනය කරන අයටත් තියෙනවා.

එය නොකර ඕනම අමු දෙයක් ඔහේ මැද සාලයට ගෙනත් හලන්න ඉඩදීම, පාලනය කිරීම වැරදියි කියලා කියන අයමයි, මේ වගේ දේවල් tv එකේ පෙන්වන්නෙ ඔය ආයතනවල ඇස් කන් නාඩි තියෙන උන් නැද්දැයි අහන්නෙත්.

ගොඩාක් හරබර නිර්මාත්මක දේවල් ITN එකේ ගිය බව පොදු ජනතාව දන්නවා.

ඒ නිසා බොරු රැලි වලට ITN එකේ ජාතික වගවීම හා වගවීම නැතිකරන්න බෑ වගේම හොදම දේ , හොදම විදියට දෙන්නට ITN එක ගන්න උත්සහය නවත්වන්නත් බෑ.

වඩා හොදම හා නිර්මානාත්මක ටෙලි නාට්‍ය විකාශනයේ පෙරගමන්කරු වෙච්ච ITN එක, පසුගිය වසර පහේම එක දිගටම විශිෂ්ඨතම ටෙලි නාට්‍ය විකාශනය කල නාලිකාව ලෙස සෑම ජාතික සම්මාන උලෙළකම සම්මානයට පාත්‍ර වුනෙත්, වනනෙත් ඒ නිසාමයි.

ITN විශිෂ්ඨ ටෙලි නාට්‍ය සදහා ගොඩ නගපු සන්නාමය,කාටවත් ගන්නත් බෑ..

හොදම දේ හොදම විදියට ගෙදර මැද සාලයට ගෙනත් නිර්මානයත් නිර්මානකරවාත් ඔසවා තබන නාලිකාවක ජාතික වගකීම ප්‍රශ්න කරන අයමයි, තමන්ගෙ ගෙදර අය සමග මැද සාලයේ ඉදගෙන ආයතනයක වගවීමට දෙස් දෙවොල් තියන්නෙත්.

ඒ නිසා පවුලේ සැමටම වගවීමක් සහිතව නිර්මානාත්ම දේවල් දෙන නිර්මානකරුවන් මෙන්ම ඔබත් ITN එක එක්කම ඉන්න සුභාවිත නිර්මාන නිර්මානාත්මකව පෙන්වන් වගේම බලන්නටත්.

(පසුගිය කාලයේ ITN විකාශනය වූ හොදම ටෙලි නාට්‍ය ටික බලන්න මොනවද කියලා ආයෙත් හොයලා බලන්න ITN නිර්මාන කපනවද, රකිනවද කියලා ඔබටම පෙනෙයි.)



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk