2026-05-28 14:51 Hours

5 වන සහ 6 වන සමාලෝචන සඳහා IMF අනුමැතිය


...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබාදී ඇති බව මහ බැංකුව පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම යටතේ සිදුකළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කරමිනි.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මුල්‍ය පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශයක් ලබාදී ඇති බවද මහ බැංකුව නිවේදනය කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඊයේ (27) අවසන් කරනු ලැබුවා.

මේ අනුව විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන යටතේ කාර්ය සාධන සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතින බවද එම අරමුදල පෙන්වා දෙනවා.

ඉන්ධන සහ පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය නැවත ස්ථාපනය කිරීම පිළිබඳව පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා ශ්‍රී ලංකාව විසින් සපුරා ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ නව විදේශීය ගෙවීම් හිඟයන් ඇතිවීමට ඉඩ නොතැබීම සහ ආනයන සීමා අළුතින් පැනවීම සහ තීව්‍ර නොකිරීම පිළිබඳව අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක ශ්‍රී ලංකාව මෙතෙක් සපුරා නොමැති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk