2026-05-27 08:51:00 Hours
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක් කිරීම අද (27) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.
එම අරමුදල පැවසුවේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මුල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බවයි.
මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලැබීමට අවධානය ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලිය සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මීට පෙර සඳහන් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk