2026-07-04 10:50 Hours

ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට


...

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ අද (04) පැවැති තීරණාත්මක තරග දෙකකින් ජය වාර්තා කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ කාබෝ වර්ඩ් රාජ්‍යය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවුණා.

අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේ පැවැති ඊජිප්තුව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවුණා.

තරගයේ 13 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් ඊජිප්තුව පෙරමුණ ගත්තද, දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ඊජිප්තු ආරක්ෂක ක්‍රීඩකයකු අතින් සිදු වූ ස්වයං ගෝලයක් (Own Goal) හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු සම කිරීමට හැකිවුණා.

ඉන් අනතුරුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-2ක් ලෙස ජය හිමිකරගත් ඊජිප්තුව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව ඔවුන් ජූලි 7 වැනිදා පැවැත්වෙන අවසන් 16 දෙනාගේ වටයේ තරගයේදී ආර්ජන්ටිනාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මේ අතර, අමෙරිකාවේ පැවැති තවත් තරගයකදී කාබෝ වර්ඩ් කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාව තියුණු ජයක් වාර්තා කළා.

නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගය අතිරේක කාලය දක්වා දිගු කෙරුණා.

අතිරේක කාලය තුළ ප්‍රතිවාදීන් අතින් සිදු වූ ස්වයං ගෝලයක වාසියත් සමඟ තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සමත් වූ අතර, කාබෝ වර්ඩ් කණ්ඩායමට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණයි.

ඒ අනුව ආර්ජන්ටිනාවද අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk