2026-07-08 07:19 Hours
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 21 දෙනාගෙන් එක් අයෙකු ඊයේ (07) රාත්‍රී මියගොස් ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංසදය (CPRP) පවසනවා.
එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ 09 වැනි වාට්ටුවේ රඳවා සිටි "අවිශ්ක" නමැති රැඳවියෙකු බවයි.
මෙම රැඳවියා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව වැලිකඩ වෙත යොමු කළ රැඳවියෙකු ලෙසද වාර්තා වනවා.
එමෙන්ම, මෙම මරණය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ දරන බවටද CPRP බරපතළ චෝදනාවක් එල්ල කර තිබෙනවා.
මියගිය රැඳවියාගේ ගෙල වටා රෙදි පටියක් දමා තිබූ බවද එම කමිටුව සඳහන් කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය ඉල්ලීමක් ද කර සිදුකර ඇත.
කෙසේ වෙතත්, CPRP විසින් එල්ල කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ පොලීසිය මේ දක්වා නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති අතර, ඒ පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක්ද මෙතෙක් සිදුවී නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk