2026-07-12 21:28:00 Hours
මදුරුවන් දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධව සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉදිරියේ දී ඒ පිළිබඳව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද එම අමාත්‍යාංශය පවසනවා.
මේ අතර නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ෂක භාවිතා කිරීමට ද සිසුන් දැනුම්වත් කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk