2026-07-13 13:02:00 Hours

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක


...

සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති තීන්දුවට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

මෙම විරෝධයට සමඟාමීව අද (13) දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී දැවැන්ත විරෝධයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා,

"වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතාම අත්තනෝමතික විදිහට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන ආකාරයට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්න උත්සාහ කරනවා. අපි අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිව්වා 'මේ අපි බඳවා ගැනීමට විරුද්ධ නෑ, හැබැයි මේ බඳවා ගන්නා ක්‍රමවේදය තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න' කියලා.

නමුත් ඔහුගේ තියෙන අත්තනෝමතික භාවය නිසා අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නොකොට, ඔහුගේ හිතුමතේට මේක වැරදි ආකාරයෙන් මේ බඳවා ගැනීම් සිද්ධ කරනවා. අපේ ක්ෂේත්‍ර සහයක, ද්විතීයික මට්ටමේ නිලධාරීන් විතරක් නෙමෙයි, වනසත්ව නියාමක, අඩවි සහකාර, අඩවි ආරක්ෂක ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවේ සිටින සියලුම නිලධාරීන්ට මේකෙන් බරපතල හානියක් සිද්ධ වෙනවා.

අපිට 13 වෙනිදාට පෙර සාකච්ඡාවක් ලබා දෙන්න. මේ වෙනකන් අධ්‍යක්ෂ ජනරාල්වරයා අපිට සාකච්ඡාවක් ලබා දුන්නේ නෑ. මේ තත්ත්වය නිර්මාණය කරේ ඔහුමයි. ඒ නිසා අපි අද දවසේ බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි අද දවසේ ක්ෂේත්‍රයේ බොහෝ නිලධාරීන් අසනීප නිවාඩු දානවා..."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk