2026-07-13 10:21:00 Hours
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ වනවා.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ දිනවල වැඩිම අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි.
මේ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වඇත බවත් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදුකරන බවත්ය.
මෙවර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.
එහිදී නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන මුදලට මිලදී ගැනීම සඳහා තීරණය වී තිබුණා.
වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා මේ වන විට සැලසුම් කර ඇති බවයි.
මෙවර වී අලෙවි මණ්ඩලය වෙත වී මිලට ගැනීමට සඳහා රුපියල් මිලියන 6000ක මුදලක් වෙන් කර ඇති අතර ඊට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
මෙමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කර ගැනීම සඳහා පහසුකම් සලසා දී ඇති බවත් එම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරන බවත් වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk