2026-07-06 10:19:00 Hours

වෙනිසියුලා භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට


...

වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 3000 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුර 3342ක් සොයා ගෙන ඇති බවයි.

තවත් පුද්ගලයින් 41000කට අධික ගණනක් අතුරුදහන්ව පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය ජුනි මස 24 වනදා වෙනිසියුලාවට ප්‍රභල භූකම්පන දෙකකින් බලපෑම් එල්ල වී තිබුණා.

එම භූකම්පනවලින් තුවාල ලැබූ පුද්ගලයින් 16000කට අධික ගණනක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk