2026-07-13 20:39:00 Hours

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට


...

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සමඟ බොරතෙල් මිල නැවත ශීඝ්‍රයෙන් ඉහළ තිබෙනවා.

ඊයේ (12) අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර නැවත අලුත් කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් අස්ථාවර වීමට පටන් ගැනුණා.

මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.24 ඉක්මවා ගොස් තිබෙනවා.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.50 මිලකට අලෙවි ඇති බව සඳහන්.

මෙම ප්‍රධාන තෙල් මිල දර්ශක දෙකම පසුගිය 10 වනදා පැවැති මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk