2026-06-27 20:19:00 Hours
රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ කැකුළු සහ නාඩු සහල් මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
"ඔන්න රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්නේ අපි. යෝජනාවක් තියෙනවා..කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්..රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා..10 පැකට් දෙකක්. කැකුළු සහ නාඩු. ගෙවීමේ ක්‍රමයට. වවුචර් එකක් දෙනවා. සතොසෙන් සමූපකාරයෙන් ගන්න පුළුවන්. ගොවියගේ බත් ටික කන්න එපැයි හැමෝම. ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන්න සැලැස්මක් හදලා තියෙන්නේ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk