2026-06-27 10:10:00 Hours

ආනයන මුවාවෙන් බිලියන 190ක් විදේශගත කළ සැකකරු රිමාන්ඩ්


...

භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කරමින් මෙරටින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු ලබන මස 9 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ජෙෆ්රි මොහොමඩ් නැමැති පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරාගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ සැකකරු විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන බව ව්‍යාජ ලෙස පෙන්වමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් මෙලෙස විදේශ රටවලට මාරු කර ඇති බවයි.

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ නම් සමාගමක් භාවිත කරමින් ටෙලිග්‍රාෆ් පණිවුඩ මඟින් මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් අමෙරිකානු ඩොලර්වලින් විදෙස් රටවල් වෙත යවා ඇති බව වාර්තා වනවා.

මෙම මුල්‍ය ගණුදෙනු පහසු කර ගැනීම සඳහා සැකකරු සිය පෞද්ගලික නමින් මෙන්ම අදාළ සමාගමේ නමින් ද තෝරාගත් බැංකු කිහිපයක ගිණුම් රැසක් ආරම්භ කර ඇති විමර්ශන නිලධාරීන් මෙහිදී හෙළිව තිබෙනවා.

ඊට අමතරව මෙවැනි අයුරින් ආරම්භ කර ඇති නීති විරෝධී මුල්‍ය ගණුදෙනුවලට සම්බන්ධ තවත් සමාගම් 36ක් පමණ විමර්ශකයන් විසින් දැනටමත් හඳුනාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk