2026-06-10 11:56:00 Hours

ඉරාන විදේශ ඇමති ඇමරිකාවට අනතුරු අඟවයි


...

අමෙරිකාවට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් ඔවුන් ඉරාන කලාපයෙන් ඉවත්ව යා යුතු බවට අනතුරු අඟවමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි X පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු මෙම X පණිවුඩය නිකුත් කර ඇත්තේ අද (10) අලුයම අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසිනි.

අමෙරිකාව යුද පිටියේ පරාජය වී තිබියදී පවා තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරික්ෂා කිරීමට තීරණය කර ඇති බවත් ඉරානයේ ප්‍රබල සන්නද්ධ බලකායක් ඕනෑම සතුරු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ප්‍රතිචාර දක්වන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔහු X පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බලහත්කාරයෙන් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වූ පිටස්තරයින්ට අත්වූ බිහිසුණු ඉරණම් පිළිබඳව පරිච්ඡේද රැසක් ඉතිහාසයේ ලියැවී ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk