2026-05-30 22:16:00 Hours

හෙටත් මේ විදියටම කරන්න - පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලයි


...

වහලය මත සවි කළ සූර්ය පැනල හෙට (31) දිනයේ පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සමාගම සඳහන් කරන්නේ අඩු විදුලි ඉල්ලුම නිසා, විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි.

මේ අතර ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (30) සවස යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

එම සමාගම පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම අද (30) සවස වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට සිදු වුණා.

වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙලෙස විසන්ධි කිරීමට හේතුවිය.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk