2026-04-17 09:54:00 Hours

වෙසක් පෝයට මැයි රැලි එපා - ආගමික නායකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලයි


...

වෙසක් පෝය යෙදෙන ලබන මැයි මස 1 වනදා සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීමෙන් වැළකී කටයුතු කරන ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබෙනවා.

උන් වහන්සේලා පෙන්වා දෙන්නේ වෙසක් පෝය දින දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීම වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව එදින ආගමික කටයුතුවල නිරත වන ලෙසයි.

මේ අනුව ආගමික නායකයන්ගේ ඉල්ලීම මත මැයි 1 වනදා කම්කරු රැළියක් නොපැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් තීරණය කර තිබෙනවා.

ඊට අමතරව සමඟි ජන බලවේගය තවම ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk