2026-03-28 13:31 Hours

IPL තරඟාවලිය අදින් ඇරඹේ


...

ක්‍රිකට් ලොව වඩාත් ආකර්ශනීය සහ ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (28) සිට ආරම්භ වනවා.

තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පැවැත්වීමට නියමිතයි.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

2026 IPL තරඟාවලිය සමාරම්භක උත්සවයකින් තොරව ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ දසුන් ශානක මේ වනවිට එක්ව තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ 2026 IPL තරඟාවලියට සහභාගී වීමට මෙතෙක් අවිනිශ්චිතව ඇත්තේ ශාරීරික යෝග්‍යතා සම්පුර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මතීෂ පතිරණට සහ වනිඳු හසරංගහට IPL තරඟාවලියට එක්වීමට මේ වන තුරු අවසරය හිමිව නැහැ.

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය හේතුවෙන් මෙවර IPL තරඟාවලිය අදියර දෙකින් පැවැත්වෙනවා.

එහි මුලික අදියර යටතේ තරඟ 70ක් පැවැත්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk