2026-03-09 14:07:00 Hours

ICC මහා සභා රැස්වීම හදිසියේම කල් යයි


...

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ICC මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී ලබන මාර්තු 25 වනදා සිට 27 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් ලබන අප්‍රේල් මස පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk