2026-03-16 21:53 Hours
ජාතික ඉන්ධන අවසර පත්‍ර හෙවත් QR පද්ධතිය පසුගිය රජය කිසිඳු වියදමකින් තොරව මාසයක් වැනි කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ක්‍රියාත්මක කළ බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
''ජාතික ඉන්ධන අවසර පත්‍ර (National Fuel Pass) QR ක්‍රමය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිවකුටත් ගෞරවය හිමිවිය යුතු නම්, එය හිමිවිය යුත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කණ්ඩායමට, ඩයලොග් ආසියාටා කණ්ඩායමට මෙන්ම මිලේනියම් අයිටී කණ්ඩායමටයි.
අපගේ පළමු හමුවීමෙන් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ගේ කණ්ඩායම් විසින් මෙම වේදිකාව සංවර්ධනය කළ අතර, මාසයක් ඇතුළත එය රජයට කිසිදු වියදමකින් තොරව ක්‍රියාත්මක කරන ලදී. තවත් බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ කැපවීම මත මෙය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk